මෙරටට පැමිණ සිටින සහ අනාගතයේදී පැමිණෙන නීත්‍යානුකූල සංක්‍රමණිකයන්ට ILR ලබා ගැනීම සදහා ගතවන කාලය දීර්ඝ කිරීම ට ශබානා මහ්ම්මුද් විසින් ගෙන ආ යෝජනා වලියේ අවසන් තීරණය ලබන සතියේදී පාර්ලිමේන්තුවට දැනුම් දීමට ඇය තීරණය කර තිබේ. ඒ අනුව වසරකට අධික කාලයක් අවසන් තීරණයක් නොමැතිව විවිද පුවත් සහ අනුමාන කිරීම් මත ගෙවී ගිය කාලය අවසන් වන අතර ILR සම්බන්ධ බ්‍රිතාන්‍ය රජයේ අවසන් තීරණය ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී එලිදක්වනු ඇත.
ඇය විසින් ගෙන ආ යෝජනා වලදී මූලිකව ILR සදහා ගතවන කාලය වසර 10 ක් කිරීමටත් සාත්තු සේවකයන් ඇතුළු අඩු වැටුප් ලබන කණ්ඩායම් සදහා කාලය වසර 15 ක් කිරීමටත් යෝජනා කර තිබුනි. කෙසේ වෙතත් මේ වන විට තහවුරු වන පුවත් වලට අනුව එල්ල වූ බලවත් විරෝධය මත සාත්තු සේවකයන් වසර 15 වේ කාණ්ඩ්යෙන් ඉවත් කර ඇති බව සදහන් වේ. කෙසේ වෙතත් ශබානා විසින් අවසන් තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනතුරු මේ පිළිබදව අදහස් දැක්වීමෙන් වැලකීමට ස්වදේශ කටයුතු කාර්ය්යාලය තීරණය කර තිබේ.
ශබානා මහම්මුද් විසින් ILR සම්බන්ධයෙන් සිදුකිරීමට යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් විමසීමට මහජන උපදේශන කමිටුවක් පත්කල අතර එයට ප්‍රතිචාර 200,000 ක් ලැබී තිබුනි. අවසන් තීරණයක් ගැනීමට පෙර එම අදහස් සියල්ල සලකා බැලූ බවයි සදහන් වන්නේ. ශබානාගේ ප්‍රතිසංස්කරණ සදහා හිටපු නියෝග්‍ය අගමැතිනී ඇන්ජෙලා රේනර් ඇතුළු ආණ්ඩුවේ වාමාංශික කණ්ඩායම් දිගින් දිගටම විරෝධයක් දැක්වූ අතර අවසානයේ අගමැති ඇන්ඩි බර්න්හම් ශබානාගෙන් ඉල්ලා සිටියේ පක්ෂයේ සියළු දෙනාගේම අදහස් වලටත් අවධානය යොමු කරන ලෙසයි. කෙසේ වෙතත් ප්‍රධාන විපක්ෂය වන කොන්සර්වේටිව් ඇතුළු පක්ෂ කිහිපයක් ශබානාට සිය සම්පූර්ණ සහයෝගය ලබා දේ.


