කුපියන්ස්ක්හිදී රුසියානු සෙබළුන් රැසක් අත්අඩංගුවට

කුපියන්ස්ක් මෙහෙයුමෙන්
රුසියානු සෙබළුන්
යුක්‍රේන හමුදා අත්අඩංගුවට!

යුක්‍රේනයේ කාර්තියා බලකාය විසින් කුපියන්ස්ක් ප්‍රදේශය ආසන්නයේ සිදුකළ බව කියන විශේෂ හමුදා මෙහෙයුමකදී රුසියානු සෙබළුන් 30කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. “ඔපරේෂන් වෙලස්” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම සම්බන්ධයෙන් යුක්‍රේන යුද පෙරමුණේ වාර්තා පළ වී ඇත.

වාර්තාවලට අනුව, රුසියානු හමුදා මීට පෙර යුක්‍රේන ආරක්ෂක වළලු පසුකර යාම සඳහා භාවිත කළ භූගත ගෑස් නළ මාර්ග මෙහිදී යුක්‍රේන හමුදා ප්‍රතිප්‍රහාර සඳහා යොදාගෙන තිබේ. භූගත මාර්ග ඔස්සේ සිදුකළ මෙහෙයුමට භූමිය මතුපිට ප්‍රහාර සහ ඩ්‍රෝන යානා ද එක්කර ඇති අතර, එහිදී රුසියානු හමුදාවට සිදුවූ සමස්ත පාඩු සංඛ්‍යාව 100 ඉක්මවන බවද වාර්තාවල සඳහන් වේ.

මෙම මෙහෙයුම හේතුවෙන් කුපියන්ස්ක් ප්‍රදේශයේ යුක්‍රේන ආරක්ෂක වළල්ලේ පිටුපසට පිවිසීම සඳහා රුසියානු හමුදා භාවිත කළ මාර්ගවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පිරිස සහ හමුදා පාඩු පිළිබඳ සංඛ්‍යාලේඛන ස්වාධීනව තහවුරු කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *