වැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි රැඳවියෙකු බන්ධනාගාර නියාමකවරයෙකුගේ යතුරුපැදියකින් පලාගොස් තිබේ. මෙලෙස පලාගොස් ඇත්තේ නාත්තන්ඩිය, මැදගොඩ ප්‍රදේශයේ පදිංචි එම්. එම්. උමේශ් නැමැති රැඳවියෙකි.
අදාළ නියාමකවරයා දිවා ආහාරය ලබාගැනීම සඳහා සිය නිල නිවසට ගිය අවස්ථාවේදී, යතුර සහිතව නවතා තිබූ යතුරුපැදිය සොරකම් කර ලෙස්ලි රණගල මාවත දෙසින් පිහිටි ගේට්ටුවෙන් සැකකරු පලාගොස් ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමග බන්ධනාගාර අභ්‍යන්තර ආරක්ෂක විධිවිධාන සහ රැඳවියන් අධීක්ෂණය කිරීමේ පටිපාටිය පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් මතුව ඇත. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


