බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් කමිටුවක් සෑම බන්ධනාගාරයකම ස්ථාපිත කර රැඳවියන්ගේ ජීවිත හා දේපල හානි නොවන ආකාරයේ කටයුතු කළමනාකරණය කිරීම සහ රැඳවියන්ගේ සුභසාධනය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සෑදීමට කටයුතු ආරම්භ කර තිබෙන බව….
බන්ධනාගාරවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් නිලධාරීන් 70 බඳවාගෙන යන්ත්‍ර තුනක් අලුතින්ම අරගෙන රස පරීක්ෂක වාර්තා දිනකට පන්සියයක් පමණ ලබා ගැනීමටත් කටයුතු ආරම්භ කර තිබෙනවා.. එම නිසා ඉදිරියේදී තදබදය අඩු වන බව අපේක්ෂා කරන්න පුළුවන්…..
තුරෙහි රාජා කමිටු වාර්තාවට අනුව කටයුතු කිරීම යනු ජනාධිපතිවරයා සියලු බලතල පාවිච්චි කර සමාව දීම පමණක්ම නොවෙයි. ඒ සඳහා කරුණු සලකා බැලිය යුතුයි. යම් ක්‍රමවේදයක් යටතේ නීති රාමුව යටතේ සුදුසු අවස්ථාවන්වලදී සමාව දිය හැක්කේ කෙසේද යන්න සලකා බැලීම සඳහා කැබිනට් එකේදී සාකච්ඡා කිරීමට නියමිතයි… කෙසේ වෙතත් සමාජයට හානි කරන භයානක අය එලියට දැමීම නෙමෙයි මෙයින් කෙරෙන්නේ….
වර්තමාන අග්‍ර විනිශ්චය කාර සූරසේන මහතාගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාරවල විනාශ වෙමින් පවතින දේපළ වෙන්දේසි කර බිලියනකට වැඩි මුදල් රජය සතු කරගෙන තිබෙනවා, අග විනිසුරුවරයා පිළිබඳව youtube නාලිකාවක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ යම් චෝදනාවක් තිබෙනවා නම් youtube වල කියනවට වඩා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කිරීම යහපත් බවයි…….
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
071 70 20 840 – ishan


