වියලි කලාපීය ප්‍රදේශවල කෘෂිකර්මාන්ත ක්ෂේත්රය සඳහා පුනර්ජනනීය බලශක්තිය ප්‍රචලිත කිරීම සඳහා රජය ගෙන ඇති පියවරක් වශයෙන් ගොවීන් දැනවත් කිරීමේ වැඩසටහනක්ක් අද අනුරාධපුර ඇලයාපත්තුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයේදී පැවැත්වුණා..
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුලින් කෘෂි ක්ෂේත්රය සඳහා පුනර්ජනනීය බලශක්තිය හරහා ගොවි බිමට ජලය ලබා ගැනීම සඳහා සූර්ය බල පොම්ප මෙන්ම දියර ඉසින භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව ගොවීන් දැනුවත් කෙරුණා…
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරියේ
ප්‍රවර්ධන අංශයේ අධ්යක්ෂ පර්සි විජේතුංග
මහතා සඳහන් කළේ කෘෂි ක්ෂේත්රයේ සඳහා සූර්ය බල ජල පොම්ප යොදා ගැනීම තුළින් පිරිවැය අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ටද ලබාගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස කරනන බවයි.
071 70 20 840 – ishan


