පෙර නොවූ විරූ අගයකින් රත්‍රන් මිල ඉහළට….

gold web

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්‍රන් මිල ගණන් රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්‍රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝම්බර් 31 වැනිදාවන විට හෙට්ටිවීදියේ කැරට් 24 රත්‍රන් මිල රුපියල් 220,000ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කර ඇති අතර, කැරට් 22 සඳහා මිල රුපියල් 200,000ක් ලෙස ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් රටවල් ඔවුන්ගේ ආයෝජනයන් ලෙස රත්‍රන් පමණක් මිලදී ගන්නා අතර, යුද්ධය මධ්‍යයේ ද බොහෝ රටවල් එසේ රත්‍රන් මිලදී ගැනීම නිසා මෙසේ එකවර රත්‍රන් මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර, පසුගිය සතියවන විට රන් අවුන්සයක මිල ඩොලර් 2,790ක් ලෙස වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *