පොලිස් නිලධාරියෙක් මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පාලම මතින් ගඟට පනී……………

තරුණියක් කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන ඇත.

ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බව සිදුකළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු මෙලෙස එම තරුණිය බේරාගෙන ඇත.

වයස අවුරුදු 21 ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස දිවි බේරාගෙන ඇත.

එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

මෙම සිදුවීම අප්‍රේල් 10 වන ඊයේ දිනයේ දහවල් කාලයේදී සිදුවී තිබූ බව පොලීසිය වැඩිදුර සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *