පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ………….……

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරන බවද සඳහන් වේ.

අදාළ රථවාහන සැලැස්ම පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *