උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි ………….……

WhatsApp Image 2025 05 19 at 19.17.26 1

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකන බවද තවදුරටත් වාර්තා වෙයි.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින් එකක් තෝරාගෙන ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බව සඳහන් වේ.

Child psycology and Care, Event Management, Interior Designing, Graphic Designing, Automobile ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විෂයයන් 28 ක් මෙම විෂය ධාරාව යටතේ ඉගැන්වීමට නියමිතයි.

මෙම වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යංශ්‍යය වැඩිදුරටත් සඳහන් කර ඇත.
WhatsApp Image 2025 05 19 at 09.40.46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *