දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ ………….……

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමති බවයි.

මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු 2ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *