කළු ගඟ අවට ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුරක්

template Recovered 1

කුළු ගඟ ද්‍රෝණිය වෙත මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇළපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල හා අඟලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වේ.

මෙම ප්‍රදේශවල ජීවත් වන හා ඒ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *