රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි…

navy web

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ (30) වන දින වැඩ භාර ගන්නා ලදී.

තවද එතුමා මින් පෙර අධ්‍යක්ෂ ජනරාල් පුහුණුකරු ලෙස සේවය කර ඇති බවද සදහන් වේ.

මීට පෙර අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කල රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් මහතා විසින් රියර් අද්මිරාල් ලියනගමගේ මහතා වෙත එම පත්වීමේ රාජකාරි සහ වගකීම් භාර දීමට කටයුතු කල ඇති අතර එය අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් කාර්යාලයේදී සිදු කර ඇති බවද සදහන් වේ.

ඔහුගේ නව පත්වීමත් සමඟ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා අධ්‍යක්ෂ ජනරාල් පුහුණු සහ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *