“දුන්හිඳ බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරේ…”

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිතය.

මෙම අවසන් කටයුතු ඔවුන්ගේ කුරුණෑගල සහ නිවිතිගල නිවෙස්වලදී සිදු වේ.
අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

එහි ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව මේ වන විට 8ක් ලෙස වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *