ඊයේ (05) සවස් කාලයේ සිට දෙහිවල ඇල මාර්ගයක ජලය රතු පැහැ වී තිබූ බවට වාර්තා වේ.
රාත්‍රී කාලය වන තුරුම මෙම තත්ත්වය පහව ගොස් නොමැති අතර මෙම ජලය නැදිමාල අත්තන්ඩිය ඇළටද සම්බන්ධ වන බව තවදුරටත් සඳහන් වේ .
මෙම අප ජලය මුහුදට එක් වන අතර මෙය පාරිසරිකව විශාල ගැටලුකාරී තත්ත්වයකි. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දී ඇති බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ ඩයි වර්ග ජලයට මුදා හැරීම විශාල ප්‍රශ්නයක් බවත් තවදිරටත් සඳහන් වේ.


