වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු පහරදීම නිසා මාස 3කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවියක මියගොස් ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි අදාළ ගුරුවරියන් දෙදෙනා යලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවිය ඇගේ පන්තිභාර ගුරුවරිය සහ තවත් ගුරුවරියක පහරදීම හේතුවෙන් රෝහල් ගත කර තිබූ අතර එම සිසුවිය තවත් සිසුවියක සමඟ පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් ඇයට අව්වේ දණ ගස්වා පහර දී ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව සැකකාර ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුගිය සැප්තැම්බර් 13 වැනිදා ඇප මත මුදා හැර ඇත. දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත මාරුකර යවා ඇති බවද සදහන් වේ.
එහෙත් අදාළ සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 13 වැනිදා මියගොස් ඇත.
ඉන් අනතුරුව අදාළ ගුරුවරියන් දෙදෙනා යලි අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.


