අද (26) දින අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල විවෘත කර ඇත.
එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස වාර්තා වන අතර RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇති බවද සදහන් වේ.
මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් බවද වැඩිදුරටත් සදහන් වේ.


