ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ …….……

grade5 web

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාර්තු 14 වන ඊයේ දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ප්‍රකාශ කර ඇත.

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *