දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්………….……

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇති බව වාර්තා වී ඇත.

කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිහිපයකට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, සීතාවක, ඇල්පිටිය, පාලින්දනුවර, ඉංගිරිය, පස්බාගේ කෝරලය, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, වරකාපොල, ඇහැළියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල ජනතාව විමසිලිමත් ලෙස සිටිය යුතු බව සඳහන් කර ඇත.

ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා ඇති බව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *