මෑන්ලි වෙරළේ රැල්ලක් උඩ සර්ෆ් කළ ඩොල්ෆින් දොළොස්දෙනා ඡායාරූප ශිල්පිනී ජෙසිකාගේ කැමරා කාචයට හසු වූ අපූරු දසුන

ජෙසිකා බ්ලැක්ලෝ කියන ඡායාරූප ශිල්පිනිය සිඩ්නිවල මෑන්ලි වෙරළ අසලට ගිහින් තිබුණේ ඩොල්ෆින් මසුන් පනින අපූරු මොහොතක් කැමරාවට අල්ලාගන්න බලාගෙනයි. ඇය ඒ වෙරළට ගිය වෙලාවේ, ලොකු රැල්ලක් හැඟීගෙන එනවත් එක්කම ඩොල්ෆින් මසුන් දොළොස් දෙනෙක්ම එකම පේළියට, පුදුම විදිහට එකට එකතු වෙලා ඒ රැල්ල උඩ සර්ෆ් කරගෙන යන අපූරු දසුනක් දැකලා තියෙනවා.

​ඇය කියන විදිහට, මේ වගේ පුදුම සහගත ලෙස ඩොල්ෆින් කණ්ඩායමක් එකම රැල්ලක එකට ගමන් කරනවා ඇය කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඇය ඒ ලස්සන පින්තූර ටික ෆේස්බුක් එකට දැම්මට පස්සේ ගොඩක් අය අතර ඒවා හරිම වේගයෙන් පැතිරිලා ගියා.

​මුහුදු ජීවීන් ගැන පර්යේෂණ කරන විද්‍යාඥයන් කියන විදිහට ඩොල්ෆින් මසුන් මේ විදිහට රැල්ලේ සර්ෆ් කරන්න හේතුව හරියටම තහවුරු කරලා නැති වුණත්, ඔවුන් හැම විටම සෙල්ලම් කරන්න සහ විනෝද වෙන්න ගොඩක් කැමති සත්ත්ව විශේෂයක්.

මිනිස්සු පුවරු උඩ නැඟී සර්ෆ් කරන්න ගොඩක් කලකට පෙර සිටම ඩොල්ෆින් මසුන් කිසිදු අරමුණකින් තොරව විනෝදය සඳහාම රැල්ලේ සර්ෆ් කරමින් කාලය ගත කරනවා කියලයි පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *