අඟුලාන මුහුදු තීරයේදී ආපදාවට ලක්වූ P 4447 වේග ප්‍රහාරක යාත්‍රාවේ නාවිකයින් 11 දෙනාගේ ජීවිත බේරාගැනීමට මැදිහත් වූ 14 දෙනාගෙන් සමන්විත ප්‍රදේශවාසීන්ගේ උදාර ක්‍රියාකාරකම් නාවික හමුදාව විසින් නිල වශයෙන් ප්‍රශංසා කළා.මෙම සිවිල් වැසියන් තමන්ගේ ජීවිත අවදානමට පවා ලක්වූ අතර, රළු මුහුදු තත්ත්වය අතරතුර නාවිකයින් බේරාගැනීමට ක්ෂණිකව මැදිහත් වීම මානුෂීය සහ වීරත්වය පිළිබඳ උදාහරණයක් ලෙස සැලකේ.නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ඔවුන්ට ප්රශංසාත්මක ලිපි බටහිර නාවික විධාන මූලස්ථානයේදී ප්රදානය කළ අතර, එම අවස්ථාවට රියර් අද්මිරාල් චන්න කුමාර සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වූවා.


