නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2028 වසරේදී ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බව ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, එවකට විදේශ ණය ගෙවීම සඳහා රටේ සංචිතය ඩොලර් බිලියන 15ක් විය යුතු බවත්, එය සපුරා ගැනීමට නොහැකි වුවහොත් බංකොලොත් අවදානමක් ඇති බවත්ය.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසන්නේ, රට නැවත බංකොලොත් වීමට කිසිදු හේතුවක් නොමැති බවයි. ඔහු අවධාරණය කළේ, 2025 වසරේදී රජය ණය වගකීම් වෙනුවෙන් ඩොලර් බිලියන 3.9ක් ගෙවා ඇති අතර, 2026 වසරේදී සංචිතය වැඩි කරගැනීමේ අතරතුර ණය වෙනුවෙන් ඩොලර් බිලියන 3.7ක් ගෙවීමට අපේක්ෂා කරන බවයි.2026 අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 8ක් දක්වා ළඟා වනු ඇතැයිද, ණය ආපසු ගෙවීම අඛණ්ඩව සිදු කිරීමට කිසිදු අසීරුතාවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, විදේශ ප්‍රේෂණ, අපනයන, ආයෝජන සහ සංචාරක ඉපැයීම් 2026 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


