සමගි ජන බලවේග ජයග්‍රාහී ගමනක් සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමුවැන්න අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ,
සොරකම් වංචා දූෂණ අල්ලන්න ආපු කට්ටිය අද හොරකම් කරන්න පටන් අරගෙන. කන්ටේනර් 332, ඩොලර් මිලියන 2.5, තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල්, කෝ මේ මට නීතිය.
පෝසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා ආපු මාලිමා කට්ටිය අද පොහොසත් වෙලා..
22 ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ..නඩුවලින් සියයට 70ක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණවල.
ඉහළ උසාවි වල මිනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමෙන් මෙම නඩු විසඳෙන්නේ කොහොමද.
මහාධිකරණ විනිසුරුවරුන්ට සමජය අපහාස කරන්නයි මේ සූදානම් වන්නේ. මහාධිකරණ විනිසුරුවරුන්ට සහ අගවිනිසුරුවරයාට පමණද රටේ නඩු විසඳිය හැක්කේ. මේ අනිත් විනිසුරුවරුන් මේ හරහා හෑල්ලුවට ලක් කිරීමයි මේ රජය කරන්න හදන්නේ.
22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක ඒ සඳහා ජනමත විචාරණයට යෑමට අවශ්‍ය නොවන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කිරීම ප්‍රශ්න සහගත බවත් විනිසුරුවරුන්ගේ නියෝග ඇමතිවරයා ප්‍රකාශ කිරීම ප්‍රශ්න සහගත බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියහ.
ජාත්‍යන්තර නීති සංවිධාන, නීතිඥ සංගමය, මහා නා හිමිවරුන් සහ නීති විශාරදයන් විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම ප්‍රශ්න සහගත බව දැනුම්දී තිබියදී එය නොසලකා රජයේ කටයුතු කිරීම පිළිබඳව ප්‍රශ්න සහගත බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.


