ඕස්ට්‍රේලියාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව ආගමන විගමන නීති යටතේ, ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් කිරීමට පියවර ගනු ඇති බව ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke ප්‍රකාශ කරනවා.
2028 වන විට ශුද්ධ විදේශීය ආගමන සංඛ්‍යාව 300,000 සිට 225,000 දක්වා අඩු කිරීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම වෙනස්කම් ඉවහල් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මිලියන තුන දක්වා ඉහළ ගොස් ඇති තාවකාලික වීසා සංඛ්‍යාව කපා හැරීම, වීසා කාලය අවසන් වූ පසු විදේශිකයන් ඕස්ට්‍රේලියාවෙන් පිටව යන බවට වග බලා ගැනීම සහ ආරක්ෂාව ඉල්ලා සිටීමේ හැකියාව සීමා කිරීම මගින් විදේශීය ආගමන සංඛ්‍යාව පහත හෙළීමට එරට රජය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවට බලපෑමක් නොවන බවට අපේක්ෂා කළ ද, මෙම නව නීති යටතේ ඔවුන්ට තම පවුල් ඕස්ට්‍රේලියාවට ගෙන ඒමේ හැකියාව අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


