ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ වැදගත් පියවරක්

2 1
ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ වැදගත් පියවරක් ලෙස, මාර්තු 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩදාසි නොමැති (paperless) නඩු විභාගයක් පැවැත්වුණා.
මෙම නඩුවට ප්‍රධානත්වය දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධාන විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතායි. ඔහු සමඟ විනිසුරු අර්ජුන ඔබේසේකර   සහ  සෝභිත රාජකරුණා මහත්වරුද සහභාගී වුණා.
මෙය අධිකරණයට අපහාස කිරීම (Contempt of Court) සම්බන්ධ නඩුවක්. 2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 3ක දඩයක් ගෙවීමට නියෝග කර තිබුණත්, එය නොගෙවීම හේතුවෙන් මෙම නඩුව විභාගයට ගත්තා.
මෙහි විශේෂත්වය වන්නේ, පළමු වරට සම්පූර්ණයෙන්ම ඩිජිටල් පද්ධතියක් භාවිතා කරමින් නඩුව පැවැත්වීමයි. සාම්ප්‍රදායික කඩදාසි ලේඛන වෙනුවට e-filing පද්ධතිය මගින් සියලු ලේඛන ඉදිරිපත් කළා. චෝදනා පත්‍රයද ඩිජිටල් ලෙස ඉදිරිපත් කරමින්, අදාළ පුද්ගලයා අධිකරණය ඉදිරියේම එයට ඩිජිටල් අත්සනක් දාගෙන තිබුණා.
ඊළඟ නඩු විභාග දිනය 2026 මැයි 14 ලෙස නියම කර ඇත.
මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය වෙත ගෙන යන වැදගත් පියවරක් ලෙස සැලකේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *