ඇමරිකානු යුද හමුදාපති Randy George ද විශ්‍රාම ගනී

world bank Recovered

වොෂින්ටන්, ඇමරිකාව – ඇමරිකානු යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරල් Randy George මහතා සිය ධූරයෙන් ඉවත් වී විශ්‍රාම ගන්නා බව Pentagon මඟින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

Pentagon ප්‍රකාශක Sean Parnell සඳහන් කළේ, දිගු කාලයක් පුරා රටට කළ සේවයට ගරුය පළ කරමින් ජෙනරල් ජෝර්ජ් මහතාගේ ඉදිරි විශ්‍රාම ජීවිතයට සුභ පැතුම් එක් කරන බවයි.

සාමාන්‍යයෙන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය වසර 4ක කාලයක් සඳහා පවත්වාගෙන යන අතර, ජෙනරල් ජෝර්ජ්ට 2027 වසර දක්වා එම තනතුරේ රැඳී සිටීමට අවස්ථාව තිබුණද, ඔහු විසින් කලින්ම විශ්‍රාම ගන්නා බව තහවුරු කර ඇත.

මෙම සමයේදී Pentagon නායකත්වය යටතේ තවත් උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද ඔවුන්ගේ ධූරවලින් ඉවත් වී ඇති බව වාර්තා වේ. ඒ අතර, ඇමරිකානු ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන James Slife සහ ඇමරිකානු නාවික හමුදාවේ මෙහෙයුම් ප්‍රධානියා වන Lisa Franchetti ද ඇතුළත් බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *