ප්‍රාථමිකයට ගුරුවරුන් නොගෙන පාසල් වහන්න හදනවාද? – ලංකා ගුරු සංගමය

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පවතින ගැටලුකාරී තත්ත්වය ලබන වසරේදී තවදුරටත් උග්‍ර වන බවත්
විශාල ගුරු හිඟයක් පවතින මොහොතක
ප්‍රාථමික පාසල් සඳහා ගුරුවරුන් බඳවා නොගැනීම තුළ මෙරට පාසල් වසා දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවාද යන්න සැකයක් පවතින බවත් ලංකා ගුරු සංගමය පවසයි.

වත්මන් රජය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කළ ද ඊට අවශ්‍ය ගුරුවරුන්ව මෙතෙක් පුහුණුවීම් සිදුකර නොමැති වීම හේතුවෙන් ගැටලු රාශියක් පැන නගිමින් පවතින බවත් 2026 වර්ෂය සඳහා ආරම්භ කළ පළවෙනි ශ්‍රේණිය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙන්ම ලබන වර්ෂයේදී සිදුකිරීමට නියමිත හයවන ශ්‍රේණිය ප්‍රතිසංස්කරණයද මේ හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා නවීකරණය වන අධ්‍යාපනයට අදාළ සෑම පාසලකම පන්ති කාමරය ද සකස්විය යුතුව පවතින බව ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරට තුළ දසදහස් පනහකට ආසන්න පාසල් ප්‍රමාණයක් පවතින බැවින් රජය පවසන පරිදි චීන ආධාර යටතේ පමණක් පාසල් 300ක් නවීකරණය කිරිම මගින් දශක පහකට වැඩි කලක් පැරණි පාසල් පද්ධතිය තුළ නවීකරණයක් බලාපොරොත්තු විය නොහැකි බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවන් 46000 ක හිගයක් පවතින අතර එම පුරප්පාඩු පිරවීමට ආණ්ඩු මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද පවසයි.

උපාධිධාරින් එක් ලක්ෂ හැට තුන්දහසක් දෙනෙකු වෙනුවෙන් පවත්වනු ලැබූ විභාගයේ පිළිතුරු පත්‍ර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගබඩාවල ගොඩ ගසා ඇති අතර මෙම වසරේ දෙසැම්බර් වනතෙක් එකදු ගුරුවරයකු හෝ බඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ඒ මහතා පවසයි.

සෑම දරුවෙකුටම අවම වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හෝ ලබා දීමට ආණ්ඩුව බැඳී සිටියද ආණ්ඩුවේ අරමුණ පාසල් වැසීමට බවත් ප්‍රාථමික ගුරුවරුන් බඳවා නොගැනීමේ පිටුපස පාසල් වැසීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පවතින බවට සැකය පවතින බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

071 70 20 840 – ishan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *