අයවැය ළංවෙද්දී… දුම්කොළ සමාගම්වල සුපුරුදු නාටකය නැවතත්!
සෑම අයවැයකටම පෙර දුම්කොළ සමාගම්වලට වාසිදායක මතයක් සමාජගත කිරීමේ උත්සාහයන් දැකිය හැකියි.
🔴 හොර සිගරට් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට!
හදිසියේම නීති විරෝධී සිගරට් පිළිබඳ විශාල ප්රවෘත්ති ප්‍රමාණයක් කරළියට එයි.
🔴 සිගරට් මිල ඉතා ඉහළයි!
සිගරට් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බවට ප්රවෘත්ති හා මතවාද ප්‍රචාරය වෙයි.
🔴 බදු ආදායම අඩුවෙනවා!
තවදුරටත් සිගරට් මිල වැඩි කළහොත් රජයේ සුරාබදු ආදායම අඩුවන බවට අනාවැකි පළ වෙයි.
🔴 බදු වැඩි නොකරන්නැයි බලපෑම්!
සිගරට් සඳහා බදු වැඩි කිරීම වැළැක්වීමට විවිධ තර්ක සහ බලපෑම් ඉදිරිපත් වෙයි.
🔴 මහජනතාව නොමඟ යවන මතවාද!
දුම්කොළ බදු වැඩි කිරීමෙන් ඇතිවන සෞඛ්‍ය හා ආර්ථික ප්රතිලාභ යටපත් කරමින්, සත්‍ය කරුණු විකෘති කරන තොරතුරු සමාජගත වෙයි.
මේවා අහඹු සිදුවීම්ද? නැතිනම් දුම්කොළ සමාගම්වල සුපුරුදු උපායමාර්ගද?
දුම්කොළ සමාගම්වල ව්‍යාපාරික ලාභය වෙනුවෙන් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණවලට බලපෑම් කිරීමට ඉඩ නොදිය යුතුය.
අයවැය සකස් කළ යුත්තේ දුම්කොළ සමාගම්වල ලාභය රැකීමට නොව, ජනතාවගේ සෞඛ්‍යය රැකීමටය!


