අල්විස් කමිටුවේ වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු විමර්ශන මාස තුනකින් අවසන් කළ ඒ. එන්.ජේ අල්විස් කමිටුවේ වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති .

උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයා පත් කළ එම කමිටුව ජනාධිපතිවරණයට පෙර එම වාර්තාව ලබා දීමට සියලු විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමෙන් ඔවුන්ට පැවති හදිසිය හා උනන්දුව වඩාත් පැහැදිලි වන බව ය.

විනිවිද බවකින් තොර පරිසරයක් තුළ ලියවී ඇති මෙම කමිටු වාර්තාව තමන් වහන්සේලා තරයේ ප්‍රතික්ෂේප කරන බව උන්වහන්සේ අවධාරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *