අවිස්සාවේල්ල, කාශ්‍යප හෝටලය ආසන්න වංගුවේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබේ.
අද (ඔක්. 22) දහවල් 1:00ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
කොළඹ සිට සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙලෙස අනතුරට ලක් වී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අනතුරින් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ය.
මේ පිළිබඳව අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


