නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව රජය සඳහන් කළේ ය.

රජය සඳහන් කළේ, එකී බහාලුම් පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා ඇති බව ය.

කොළඹ වරායේ පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන ලබා දෙන බව රජය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *