“රවී සහ ශානි අපි ඉවත් කරන්නේ නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

FB IMG 1729615655221

“රවී සහ ශානි අපි ඉවත් කරන්නේ නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකරව සිය තනතුරුවලින් ඉවත් කිරීමට රජය සුදානම් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.

අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදු නොකරන බව ත් මෙම පත් කිරීම සිදු නොකර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන් පත් කර මෙම පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්නට හැකි යැයි මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ, අද (ඔක්. 22) කැබිනට් මාධ්‍ය හමුවේදී ය.

“ඉතා පැහැදිලිව ම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකරව මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළවෙනි දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක ඉතා පැහැදිලියි. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඔය පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ ම ඔතනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ අර වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක් ගැනවත් ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකරව සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. නෑ අපි ඒක කරන්නේ නෑ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ. ඉතා පැහැදිලි ඒ පරීක්ෂණය ඒ වෙලාවේ කරගෙන ගියපු අපක්ෂපාතිව කරගෙන ගියපු නිලධාරී දෙන්නෙක්. ඒක මේ රටේ පොදු ජනතාව දන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *