වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය දහවලට සීමා කෙරේ

FB IMG 1729615402038

වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය දහවලට සීමා කෙරේ.

 

වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 18 වැනිදා කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ රාත්‍රි ඉන්ධන දුම්රියේ වන අලි රංචුවක් ගැටී වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ තවත් අලියෙකුට බරපතල තුවාල වීම් සිදු වුණා.

එමෙන්ම, එම අනතුරින් දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රියටද දැඩි අලාභහානිද සිදු වූ අතර, ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ ටැංකි දෙකක්ද පෙරළි ගොස් ඉන්ධනද විනාශයට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *