සහල් පාලන මිල පිළිබඳව ජනපති කියපු දේ.

WhatsApp Image 2024 10 23 at 12.18.12 PM

සහල් පාලන මිල පිළිබඳව ජනපති කියපු දේ…..
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ඔක්. 22) පැවැති සාකච්ඡාවේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ය.
වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස ‘බත’ සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.
පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිල දී ගෙන ඇති බව ත් ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බව ත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව ත් දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බව ත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අතරමැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කර ඇති අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතා මඟහැර ගැනීම සඳහා යෙදවුම් මිල අඩු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
“රවී සහ ශානි අපි ඉවත් කරන්නේ නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකරව සිය තනතුරුවලින් ඉවත් කිරීමට රජය සුදානම් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.
අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදු නොකරන බව ත් මෙම පත් කිරීම සිදු නොකර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන් පත් කර මෙම පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්නට හැකි යැයි මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
ඒ, අද (ඔක්. 22) කැබිනට් මාධ්‍ය හමුවේදී ය.
“ඉතා පැහැදිලිව ම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකරව මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළවෙනි දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ…
වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය දහවලට සීමා කෙරේ….
වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය 18 වැනිදා කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ රාත්‍රි ඉන්ධන දුම්රියේ වන අලි රංචුවක් ගැටී වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ තවත් අලියෙකුට බරපතල තුවාල වීම් සිදු වුණා.
එමෙන්ම, එම අනතුරින් දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රියටද දැඩි අලාභහානිද සිදු වූ අතර, ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ ටැංකි දෙකක්ද පෙරළි ගොස් ඉන්ධනද විනාශයට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *