විශ්වවිද්‍යාලය සිසුවෙක් නේවාසිකගාරයේ සිව්වන මහලෙන් වැටී මරුට

WhatsApp Image 2024 10 23 at 12.19.31 PM

අද (ඔක්තෝබර් 23) අලුයම 3:00ට පමණ, කැලණිය විශ්වවිද්‍යාලයේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටීමකින් සිසුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් වු, වාණිජ හා කළමනාකරණ පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි. මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, මෙම අනතුර පිළිබඳ කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *