නාමල් cid එකට අවේ ඇයි

WhatsApp Image 2024 10 24 at 1.47.40 PM

පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ ඇත .
2010 – 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ.
”සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරු වෙනකොට අනිත් ආණ්ඩුවේ හිටපු අය ගෙන්වලා ප්‍රශ්න කරන එක. අපිට එන්න කිව්වාම අපි එනවා. මේක මැතිවරණ කාලසීමාවක්, අද නුවර රැස්වීමක් තිබුණා. ඒත් මම හිතුවා ඒ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම තමයි අපි කළ යුතු කාරණය. මොකද විශේෂයෙන්ම අපිට එල්ල වෙලා තියෙන චෝදනා මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *