තානාපතිවරු, මහ කොමසාරිස්වරු නැවත කැඳවයි….

sri web

විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනකුට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් මේ බව දැනුම් දී තිබෙන බව ද සඳහන් වේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත ලෙස පත්වීම් ලද හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස්, බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම, ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු තානාපතිවරියක වන ෂෙනුකා සෙනෙවිරත්න, ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ චිත්‍රාංගනී වාගීෂ්වර, ජපානයේ තානාපති ලෙස පත්කළ රොඩ්නි පෙරේරා, මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුමංගල ඩයස්, නේපාලයේ තානාපති ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයකු වන සුදර්ශන පතිරණ, කියුබාවේ තානාපති ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයකු වන නිශාන්ත උලුගෙතැන්න, පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයකු වන රවීන්ද්‍ර විජේගුණරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත්කළ උදය ඉන්ද්‍රරත්න, කෙන්යාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ වී. කනකනාදන්, ශීෂෙල්ස් මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරෙකු වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සහ ඉරාන තානාපති ලෙස පත්කළ මොහොමඩ් ෂාහිඩ් යන මහත්ම මහත්මීන්ට මෙලෙස වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවට සදහන් වේ.

මේ අතර ඔවුන්ගෙන් හිස්වන තානාපති ධුර සඳහා ඉදිරියේදී විදේශ සේවයේ නියුතු පුද්ගලයන් පත්කරන බවට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා දැනුම් දී තිබෙන බවද තවදුරටත් සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *