නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.05 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,474ක් වන පරණ මිල ගණන් යටතේම මෙම මාසයේදීත් අළෙවි කිරීමට නියමිත අතර ලෝක වෙළදපලේ එල්. ජී ගෑස් මිල ඉහළ යාමක් පෙන්නුම් කළද සිය ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව, මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482 කට වෙළදපොලේ අලෙවි කරනු ලබයි.


