විදේශ ගමන් බලපත්‍ර ගැටලුව දෙසැම්බර් දක්වා?

passport web 1

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර 500000 ක් මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත්
මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අගභාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට ද නියමිතය.

එමෙන්ම ඊට සමගාමීව තවත් හිස් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කොට ඇති බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තු වේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට මත් දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයම නිකුත් කිරීමේ හැකියාව දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇත.

විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ගගත ක්‍රමය යටතේ වෙන් කර ගැනීමට හැකිවන පරිදි මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියා පිළිවෙතක් හඳුන්වාදී ඇති අතර, එම
ක්‍රමවේදය ද නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *