ජනතාවට දුන් පොරොන්දු අනුව නව නීති ගෙන එමින් දූෂකයින්ට දඬුවම් ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත් අපරාධකරුවන් සහ ආයතා ලෙස මුදල් ඉපයූ පුද්ගලයන් සඳහා ද නීතිය ක්‍රියාත්මක කරමින් දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍යය වසන්ත සමරසිංහ මහතා පවසයි.
නිර්ප්‍රභූ පන්තිය විසින් නීතිය ක්‍රියාත්මක කරමින් ප්‍රභූ පන්තිය යැයි පවසා ගත් දූෂිත දේශපාලඥයන්ට නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බව ද අමාත්‍යවරයා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී පැවති ජන හමුවකදීය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණ ක්ෂේත්‍රය තුළ සංවර්ධනයන් ඇති කරමින් නඩු විභාග කඩිනම් කිරීමට කටයුතු කරන බවත් එහි එක් අදියරයක් ලෙස විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට වත්මන් රජය පියවර ගත් බවත් අමාත්‍යවරයා පවසයි.
නඩු විභාග කඩිනම් වීම අග්‍ර විනිශ්චකාර සුරසේන බිය විපක්‍ෂයට දැනෙමින් පවතින බව ද අමාත්‍යවරයා පවසයි.
071 70 20 840 – ishan


