අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නැමැති කාන්තාවකට රැකියාවක් ලබා දෙන බවට පවසමින් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට හට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවම අද (05) අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදී.
ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් තමන් නිදොස් කරන ලෙස ඉදිරිපත් කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මෙම දඬුවම තහවුරු කර ඇති අතර මෙම අල්ලස් සිද්ධිය 2007 නොවැම්බර් 1 සහ දෙසැම්බර් 26 අතර වූ කාලසීමාවේ සිදු වී ඇති බවද වාර්තා වේ.


