අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය.
මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඊජිප්තුවේ තානාපති, Adel Ibrahim, ඉරානයේ තානාපති, ආචාර්ය Alireza Delkhosh,
ජපානයේ තානාපති, ISOMATA Akio, සහ වතිකානුවේ තානාපති (Apostolic Nuncio) වන අතිඋතුම් රදගුරු Monsignor Brian Udaigwe, යන විදෙස් තානාපතිවරුන් මෙලස අගමැතිවරිය හමුවී මෙම සාකච්ඡාව සඳහා සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.


