රතු මුහුදේ සංචාරක බෝට්ටුවක් ගිලී 16 දෙනකු අතුරුදන්…..

WhatsApp Image 2024 11 27 at 19.59.26

සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරේදා (25) රතු මුහුදේ ගිලීම හේතුවෙන් බෝට්ටුවේ ගමන් ගත් සංචාරකයන් 16 දෙනකු අතුරුදන්ව ඇති අතර 28 දෙනකු මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගිලී ගොස් ඇති බෝට්ටුවෙහි 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් 13 දෙනකු කාර්ය මණ්ඩල සාමාජිකයන් වේ. මෙම අනතුරෙන් අතුරුදන්ව සිටින සංචාරකයන් 16 දෙනා අතර ඊජිප්තු ජාතිකයන් සිවුදෙනකු, එංගලන්ත ජාතිකයන් දෙදෙනෙක් හා ෆින්ලන්ත ජාතිකයකු සිටින බව ඊයේ (26) වන විට තහවුරු වී තිබිණි. රතු මුහුදෙහි ගිලී ගොස් ඇති බෝට්ටුව අනතුරට පත් වීමට මුල්වූ හේතුව අනාවරණය වී නැතත් බෝට්ටුවෙහි ගමන් ගත් පිරිසක් පවසා ඇත්තේ මුහුදු රැල්ලක් බෝට්ටුවේ වැදීම හේතුවෙන් එය පෙරළී ගිලී ගිය බවයි. බෝට්ටුව අනතුරට පත් වන අවස්ථාවේ ඉන් විපතට පත් වූ බව ඇඟවෙන සංඥාවක් නිකුත් කර ඇති බව වාර්තා වී තිබේ.

මුහුද රළුවීම හේතුවෙන් රතු මුහුදට ඉකුත් ඉරිදා හා සඳුදා නොයන ලෙස කාලගුණ විද්‍යා අංශ විසින් අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *