මාතෘකාව – අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල කර ඇති අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනාත්මක හෙළිදරව්වක් අධිකරණයට ප්‍රකාශ කරන බව සමාජ මාධය ක්‍රියාකරුවකු වන K.I.කුමාරසිංහ මහතා පවසයි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් විසින් බාල වයස්කාර දැරියකට ලිංගික අපරාධයක් සිදුකළ බවට නගන චෝදනාව සැලසුම් සහගතව සිදු කරන ලද අසත්‍ය චෝදනාවක් බවත් මෙහි මහමොලකරු බිමල් රුහුණගේ නමැති සමාජ මාධ්‍යකරුවෙකු බවත් SL Talk to the Lion නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකරු වන K.I.කුමාරසිංහ මහතා පවසයි.
පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් සිදුකළ ගවේෂණාත්මක සොයා බැලීමකින් අනතුරුව එහි සත්‍යතාවය කුමක් ද යන්න මේ වන විට තහවුරු කරගෙන අවසන් බවත් ඒ සම්බන්ධ සියලු විස්තර මේ වන විට අදාල අංශ වෙත යොමු කර ඇති බවද ඒ මහතා පවසයි.
එබැවින් අධිකරණ කටයුතුවලට බාධාවන් හෝ විවේචනයන් සිදු නොකොට එම අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට සහාය ලබාදීමක් ලෙස තවදුරටත් හේමරතන නායක හිමියන් පිළිබඳව අසත්‍ය චෝදනා සමාජගත කිරීම සිදු නොකරන ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවත් මෙම අසත්‍ය චෝදනාවන් සිදු කරන පුද්ගලයන්ගේ අරමුණ මෙරට බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ ශාසනයට පහර ගැසීම බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් K.I.කුමාරසිංහ මහතා පවසයිි .
-ishan


