නත්තල් දිනයට ජනාධිපති සමාවෙන් සිරකරුවන්ට නිදහස…

WhatsApp Image 2024 12 25 at 13.25.30

අද (25) නත්තල් දිනය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කිරීමට තිගරු ජනාධිපතිතුමා කටයුතු කර ඇති බව සදහන් වේ.
මෙසේ රැදවියන් (ස්ත්‍රී හා පුරුෂ) 389 කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වී ඇත.
ඒ සදහා පදනම් වූ නිර්ණායකයන් ලෙස,
* ගතකරන ලද එක් වර්ෂයක් වෙනුවෙන් සති 01ක සමාවක් ප්‍රදානය කිරීම.
* සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත නිදහස් කිරීම.
දැක්විය හැකිය.
ඒ අනුව (25) වන දින මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 48, වාරියපොල බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක් හා වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක් අතුළුව දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකින්ම සිරකරුවන් නිදහස් වීමට නියමිත බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *