වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වේ……

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව සඳහන් වේ.

ඇය පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගිය අවස්ථාවේ, හදිසියේ අසනීපයකට ලක්ව රෝහල් ගත කර ඇති අතර දින දෙකක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වර්තා වේ.

වසන්තා හඳපාන්ගොඩ මහත්මිය වෘත්තියෙන් ගුරුවරියකි.

2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර අරගලය සමඟ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසු ඇය සමාජයේ විශාල කතාබහක් ඇති කළ පුද්ගලයෙකු ලෙසද දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *