මාර්ගගත මුදල් හුවමාරු ගාස්තු අඩු කෙරේ

online web

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අය වූ අතර මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් ලෙස අඩුවන බවද සදහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. වසන්ත අල්විස් ද මහතා මින් පෙර පැවති රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කර සිටියේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල මෙම සතිය තුළ අඩුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *