අදත් දිවයිනට වැහිබර කාළගුණයක් …………

උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත,ඌව පළාත,බස්නාහිර පළාත, සබරගමුව පළාත වැනි පළාත් වල වැසිවාර කිහිපයක් ඇතිවන අතර අදාළ දිස්ත්‍රික්ක වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු,ඌව,සබරගමුව,බස්නාහිර පළාත්වලත් ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට මි.මි.75 පමණ තද වැසි ඇති විය හැකි බවත් පවසයි.

ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි, තද සුළං වලින් හා අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *