කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට ලබන 15වනදා සැලසුම් කර ඇති බව පවසා ඇත.
එහිදී සිය ගෙවත්ත ආශ්‍රිතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු 05ක කාල සීමාවක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත.
නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේදී කොළඹ සිදු වූ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වා ඇත.
“අපි මාර්තු 15 වනදා නම්කරලා තියෙනවා රිළවා, දඬුලේනා, මොණරා පිළිබඳ සංගණනයක් සිදුකිරීමට. අපි කාලයක් දෙනවා විනාඩි 5ක්. ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න සියලුම නිලධාරීන් මේකට සම්බන්ධවෙනවා ඒ අය හරහා ජනතාව අපි දැනුවත් කරනවා. විනාඩි 05 ඇතුළත තමුන්ගේ වත්තේ, තමුන්ගේ ගොවිපොළේ රිළවු කීයක් හිටියද ? දඬුලේන්නු කීයක් හිටියද? මොණරු කීයක් හිටියද? වෙන සතුන් කීයක් හිටියද? ගණන් හදන්න ඕනේ. ඊට පස්සේ අයිතිකාරයෙක් නැති ඉඩමක් තියෙනවා නම් නිලධාරීන් හරහා ඒකට අල්ලපු වත්තේ කෙනෙක් හරි යොදවලා ඒ වත්තෙත් ඒ සමීක්ෂණය කරන්න ඕනේ. විනාඩි 05ක් මේකට දෙන්නේ මොකද මේ සත්තු මේ විනාඩි 05 ඇතුළත වෙන වතුවලට පනින්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම සංගණනයක් කරනවා. එතකොට මේ සියුලම තොරතුරු නිලධාරීන් හරහා අපේ අමාත්‍යංශයට එන විදිහට හදලා තියෙනවා. එතකොට අපිට අදහසක් තබා ගන්න පුළුවන් ඒ ඒ ප්‍රදේශවල රිළවු කොපමණ ඉන්නවද ? දඬුලේන්නු කොච්චර ඉන්නවද? රටේම මේ සත්තු කොච්චර ඉන්නවද? සංගණනය වැදගත් වෙනවා මේ සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාවලියකට යන්න.”


