දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02ක් ගිනිගනී …….……

WhatsApp Image 2025 03 17 at 14.17.26

මාර්තු 17 වන අද දින අළුයම් දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් ගිනි ගෙන ඇත.

මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව මෙම බහුදින බෝට්ටුවල හිමිකරු ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්න ඇතිවීමට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.

එමෙන්ම දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *