පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200 ක් සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇත.
එම අධිකාරිය විසින් මෙම වැටලීම් සිදුකිරීමේදී
වෙළෙඳුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම
සඳහන් කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම
භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස් කිරීම
කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම
බිල්පත් නිකුත් නොකිරීම
කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම
භාණ්ඩ සඟවා තබාගැනීම
භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම
පාරිභෝගිකයන් නොමග යවන අයුරින් කටයුතු කරමින් මිල අඩු කිරීම
සේල් පවත්වාගෙන යමින් භාණ්ඩ අලෙවි කිරීම යනාදිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම වැටලීම් නිවාඩු දිනවල සහ රාත්‍රී කාලයේ ද ක්‍රියාත්මක කරන බව වැඩිදුර සඳහන් කර ඇත.


